ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටින සනුහක් පින්නවලගේ මෙරට දිළිඳු ජනයාට සහ දුප්පත් පාසල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීමේ අරමුණින් ඊයේ (02) දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් රන් සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.
ලෝකයේ මෙතෙක් පැවති යුද්ධවල දී අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සදහා එම සම්මානය පිරිනමා තිබෙනවා.
සනුහක් පින්නවලගේ මාපියන් වෛද්‍යවරුන් වන අතර ඔවුන් ඇමෙරිකාවේ සේවය කරයි.
ඔවුන් ඇමෙරිකාවේ පදිංචියට යාමට පෙර කොළඹ, මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
