Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දයාසිරි ගැන නිදහස් පක්ෂයෙන් දැඩි තීරණයක්

12 months ago 2 K

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අහෝසි කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘මානුෂීය ජනතා සන්ධානය’ නමින් වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීම, ඊට අනුබල දීම මෙන් ම එම නව සන්ධානයේ නායකත්වයට පත් වීම වැනි කාරණා තමන්ට වාර්තා වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය දරන්නෙකුට වෙනත් පක්ෂයක ලියාපදිංචි වීම, එළඹෙන මැතිවරණයකට නව පක්ෂවලින් තරග කිරීම ආදී ක්‍රියාවන් පක්ෂයේ විනය නීති මාලාවට පටහැනි බවත් එම ලිපියේ සඳහන්.

ඒ අනුව දින 07 ක කාලයක් ඇතුළත, මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසත් එසේ නොකළ හොත් නිදහස් පක්ෂ ව්‍යස්ථාවට අනුව ඉදිරි විනය පියවර ගන්නා බවත් පක්ෂ සභාපතිවරයා දන්වා තිබෙනවා.

මෙම හේතූන් මත මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කටයුතු කළ හෙයින් අදාළ තීරණය ගෙන ඇති බව නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා තවදුරටත් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *