ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
දිගින් දිගටම සිදුවන වාර්තාගත සංක්‍රමණ අගය පාලනය කිරීමට මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම සංක්‍රමණයන් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොල මත ඇති පීඩනය වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජූලි 1 වැනිදා සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 ($1,068) දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව සංචාරක වීසා බලපත්‍රලාභීන්ට සහ තාවකාලික උපාධි වීසා සහිත සිසුන්ට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා රට තුළ සිටියදී අයදුම් කිරීමත් තහනම් කර ඇති බව සඳහන්.
