පසුගිය පෙබරවාරි 26 වැනිදා ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කළ සිදුවීමට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගැනීමේදි ඔහු සතුව ගිනි අවි දෙකක්ද තිබූ බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරයි.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 51ක්.
පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා මෙම අපරාධය සිදුකර තිබුණා.
