Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට බස් රථ රියදුරු තම ජීවිතය අනතුරේ දමයි! තුවාල ලැබූ රියදුරුව රෝහල් ගත කරයි!

7 months ago 5.7 K

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයේ අසළ ඇති කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (04) අළුයම බදුල්ල සිට මාකුඹුර දක්වා මගීන් සමග ධාවනය වෙමින් තිබූ බස් රථය අධික වංගු සහ ප්‍රපාතයක් ආසන්නයේ දී එක් වරම තිරිංග අක්‍රීය වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුර පිළිබඳ අවබෝධ කරගත් බස් රථ රියදුරු විසින් බස් රථය කන්දේ හැපීමට සලස්වා එය නවතාගෙන තිබෙනවා.

රියැදුරු එසේ සිදු නොකලානම් බස් රථය අධික ප්‍රපාතයකට පෙරළී ගොස් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබුණා.

කෙසේ වෙතත් බස් රථය නතර කරවීමට කන්දක ගැටීම හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.

ඔහුව ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලීීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *