Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට දිනයේ පාසල් ගුරුවරුන් ගැනීමට සැරසෙන ක්‍රියාමාර්ගය

9 months ago 28.9 K

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බව පවසමින්.

ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ එනම් හෙට(05) දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

පෙරේදා (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි, ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය (01) වෙනිදා ඔවුන් පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක ද නිරත විය.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *