ශ්‍රී ලංකා විස්සයි 20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් පත් කිරීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව වර්ත්මානයේ නායකත්වය දරන වනිඳු හසරංග නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල විය.
ඒ අනුව මෙම නායකත්ව වෙනස එළඹෙන ඉන්දීය සංචාරයේ සිට සිදු කිරීමට වැඩි ඉඩක් පවතින බව සඳහන්.
