Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Prasanna Ranathunga - ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරණය කල් දානවා කියලා කතාවක් යනවා – ඇමති ප්‍රසන්න රණතුංග

11 months ago 2.8 K

ජනාධිපතිවරණය හෝ වෙනත් කිසිඳු මැතිවරණයක් කල් දැමීමට ජනාධිපතිවරයාට හෝ රජයට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම් කොන්දක් නොමැති විපක්ෂය මැතිවරණ කල්දමන කතා කීවද  රජය නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වන බවයි.

පැරිස් සමුළුවෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ නිවරදි ආර්ථික ප්‍රථිපත්ති නිසා බවත් ඒ වගේම ඉදිරියේදීත් රටත් ජනතාවත් බළාපොරොත්තුවන ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රථිසංස්කරණ ක්‍රියාවලිය සිදුකළ හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙය අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු වේලාවක් නොවන බවත් එම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරි වසර 5 සඳහාද ජනාධිපතිධූරයට පත් කරගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (4) මේ බව සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *