Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමට බාධාවක්

10 months ago 4.1 K

වසර ගණනක සිට පවතින ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතුවලින් ඉවත් වීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ.

මාර්ගගත ක්‍රමයට අයeදුම්පත් කැඳවූ නවක සිසුන්ගේ බඳවා ගැනීම් ආරම්භ කරන ලෙස සියලු විද්‍යාපීඨවලට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් එම කිසිදු කටයුත්තක් ආරම්භ නොකරන බව එම සංගමයේ ලේකම් ධම්මික මිරිහාන පැවැසීය.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ට අභ්‍යන්තර දීමනා ලබා දීම, පීඨාධිපති , උප පීඨධිපති තනතුරු උපලේඛනගත තනතුරු බවට පත් කිරීම, සංශෝධනය කරන ලද විද්‍යාපීඨ සංග්‍රහයේ පවතින ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ට අහිතකර වගන්ති ඉවත් කිරීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි. එමෙන්ම විද්‍යායතන මණ්ඩලයට ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් පත් කොට එහි සංයුතිය සමබර කිරීම , ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් තනතුර ගුරු අධ්‍යාපනඥ සේවයට ලබා දීම, පීඨාධිපති ඇතුළු ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් පීඨවල අනිවාර්ය නේවාසික විය යුතු බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙන් ම ඔවුන්ට ද නිල නිවාස සඳහා කුලිය අය නොකිරීම මෙන්ම ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල කළමනාකරණය ළඟම ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත පැවැරීම ද සංගමයේ ඉල්ලීම් ඇතුළු ඉල්ලීම් පහළොවක් සංගමය ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *