Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අකුරණ විශාල ගින්නක්! ‘A9’ මාර්ගය තාවකාලිකව වසා දමයි

10 months ago 957

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ ‘ඒ9’ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවය.

මහනුවර නගර සභාවේ ගිනි නිවන ඒක්කය, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවය.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගෑස් හෝ විදුලි කාන්දුවක් නිසා ඊට හේතූවන්නට ඇති බවට සැක පළ කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *