ජපානයේ සිව්දින නිල සංචාරකය නිරත ව සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි ජපානයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු ව සාකච්ඡා කර තිබෙනවා.
ඒ අතර ජපානයේ ජපානයේ හිටපු අගමැති H.E.Fukuda Yasuo හමු වූ අතර; ඉන් අනතුරුව ඩිජිටල් කටයුතු අමාත්‍ය kono Taro මහතා, JETRO Delegation ආයතනයේ සභාපති Jetro, Jica හි සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද හමු වූ බවයි වාර්තා වන්නේ.
JETRO Delegation ආයතනයේ සභාපතිවරයාට පළමු ව විදේශ අමාත්‍ය සබ්‍රි මහතා සිය ස්තුතිය පුද කළ අතර; ඉදිරියටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට එරට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා.
ඉදිරියේ දී වැඩි ශ්‍රී ලාංකික පිරිසකට එරට රැකියා අවස්ථා උදා කරදීමට ද ජපානය එකඟ වී තිබෙනවා.
