Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් කතාවේ බොරුව එළියට

9 months ago 19.4 K

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්‍රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අලෙවි කර ඇත්තේ ‘ක්‍රීම් පැක්‘ 3500 කට ආසන්න ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත.

එහෙත් පියුමි හංසමාලි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35,000ක් වටිනා ක්‍රීම් වර්ග පාර්සල් 25,000ක් කුරියර් සේවය හරහා තමන් අලෙවි කළ බවයි.

එම ක්‍රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බවද ඇය ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්‍රීම් වර්ග අලෙවි කර ඇති බවයි.

ඉන් එක් ආයතනයක හිමිකරු ඇතුළු සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර අනෙක් කුරියර් ආයතනයේ හිමිකරුවන්ගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

ඇය ප්‍රකාශ කළ කරුණ සත්‍යවීමට නම් ඇය අනෙක් කුරියර් ආයතනය හරහා ‘ක්‍රීම් පැක්’ 21,500ක් පමණ අලෙවි කර තිබිය යුතුය.

මේ අතර පියුමි හංසමාලිට අයත් බැංකු ගිණුම් සියල්ල ද මේ වනවිට පරීක්ෂා කරගෙන යන අතර ඒ සියලු විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් පියුමි හංසමාලි විසින් උපයාගෙන ඇති බවට සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *