Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අණ නොතකා ධාවනය කළ වාහනයකට වෙඩි! පුද්ගලයෙක් රෝහලේ!

11 months ago 3.6 K

පොලිස් අණ නොතකා මෝටර් රථයකට පොලීසිය අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් කර මෝටර් රථයකින් පළාගිය පුද්ගලයෙකුට බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල්ගතවීමට යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් පිළියන්දල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

පොලීසිය පැවසවේ එහිදී මත්ද්‍රව්‍ය රැගෙන මෝටර් රථයක පැමිණි බවට තොරතුරක් ලැබුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය හප්පා එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කර තිබූ බවයි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *