“සුව සැරිය රෝහල් සේවාව” නමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස් රථ සේවාවක් ඊයේ (05) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී හඳුන්වාදී තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්.
රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය හඳුනාගත් බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් මෙවැනි සේවාවක් ආරම්භ කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
එයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම බස් සේවාව ආරම්භ කර තිබෙනවා.
මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන බව සඳහන්.
