රාජ්‍ය සේවයේ ක්‍ෂේත්‍ර රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ, වැටුප් විෂමතා ඇතුළු ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.
ඊයේ(05) කොළඹදී රැස්වුණු රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
