ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක්ද හයක්ද යන්න පිළිබදව ගැටළුවක් මතුව ඇති බැවින්, එය නිරාකරණය කර ගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සදුදා දිනයේ දී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ඒ අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට, ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඊයේ මැදවච්චියේ පැවැති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පවසා සිටියේ ය.
