Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිකරණයෙන් වාරණයක් ආවොත් ජනාධිපතිවරණය කැඳවීමට හැකියාවක් නැහැ! මැතිවරණ කොමසාරිස්ගේ නවතම ප්‍රකාශය මෙන්න!

10 months ago 5.7 K

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

දැනට පවතින තත්වය මත ජූලි 17 න් පසු මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය ලැබෙන බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන ලදී.

ඉන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවන බවත් නාමයෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාලසීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා  පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉහත පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *