Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොළය පාවිච්චි කළ වනිදු 0ට දැවී යයි! මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම අපතේ යයි!

9 months ago 3.8 K

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 02කින් ජයගැනීමට කොළම්බු ස්ටයිකර්ස් පිළ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර කොළම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 199ක් රැස් කළේය.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ ග්ලෙන් පිලිප් ලකුණු 70ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු තුනක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණි.

එහි දී මොහොමඩ් හැරිස් ලකුණු 56ක් සහ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 47ක් රැස් කළේය. සමත් වුණේ. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ හෙළුවා.

කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 20ක් ලබා ගැනීමට අවශ්‍ය විය.

සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 14කින් ලකුණු 33ක් ලබා ගත් අතර ඔහු අවසන් පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසුවිය.

ඒ අනුව තරගය ලකුණු දෙකකින් ජයගැනීමට කොළම්බු කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26කට කඩුලු 4ක් බිඳ හෙලූ මතීෂ පතිරණ තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *