Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක්

9 months ago 4.6 K

ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලකුණු 13කින් පරාජය කර තරග 05කින් යුත් විස්සයි20 තරගාවලියට පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබන්නේ ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුතුවයි.

ඉන්දියාවේ දෙවැනි පෙළ කණ්ඩායමට මෙම පරාජය ලැබීමට සිදුවිය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ ලකුණු පුවරුවට කඩුලු 09ක් දැවී ලකුණු 115ක් එක්කරමිනි.

ක්ලිව් මඩන්දේ නොදැවී ලකුණු 29ක් හා ඩියොන් මේයර්ස් ලකුණු 23ක් රැස් කළ අතර පන්දු යැවීමේදී රවි බිෂ්නෝනි කඩුලු 04ක් ලබා ගත්තේය.

ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 102ක් පමණි.

නායක ශුබ්නම් ගිල් ලකුණු 31ක් හා පසුපෙළ පිතිකරු වොෂින්ටන් සුන්දර් ලකුණු 27ක් රැස් කළේය.

වෙනත් කිසිවෙකුට ලකුණු 20 සීමාව හඹා යාමට කිසිඳු ඉන්දීය පිතිකරුවෙක්ට හැකි නොවීය.

එහිදී ටෙන්ඩායි චටාරා (3/16) හා නායක සිකන්දර් රාසා (3/25) කඩුලු 03 බැගින් දවාලමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.

තරගයේ වීරයා ලෙස සිකන්දර් රාසා සම්මාන දිනාගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *