ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.
සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
ඔහුට හිමි වන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි.
ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කළ අතර නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ද සනත් ජයසූරිය උපදේශකයකු ලෙස එක්ව සිටියා.



දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට