Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජයසූරියට ක්‍රිකට්වල ලොකුම තනතුරක් පිරිනමයි

10 months ago 3.4 K

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.

සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඔහුට හිමි වන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි.

ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කළ අතර නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ද සනත් ජයසූරිය උපදේශකයකු ලෙස එක්ව සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *