සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු අද (07) ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
වසර 20ක පමණ තම ක්‍රීඩා දිවිය තුළ ජයග්‍රහණ රාශියක් අත්කර ගැනීමට හැකි වූ බවයි ඔහු පවසන්නේ.
ලබන වසරේදී පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේදී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
අද (07) පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.