Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2022 උසස් පෙළ විභාගය සමතුන්ට සුබ ආරංචියක්

8 months ago 11.3 K

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ආරම්භ කළ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 8වන අදියර ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට මෙමගින් පොලී රහිත ණය මුදල් සපයා ඇත.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවා ගැනීමට අදාළ ව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබා දීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් ඉදිරි සතියේ දී මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *