Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ටෙයාර් ගොඩනැගිල්ලේ 67වන මහලෙන් වැටුණු සිසුන් දෙදෙනාට අදාළ විමර්ෂන සඳහා තානාපති කාර්යාල හරස් වන ලකුණු

8 months ago 6.3 K

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තවමත් අවසන් නිගමනයකට ඒමට විමර්ශන අංශවලට නොහැකි වී තිබෙනවා.

මෙම සිදුවීම සිදුවුණු දිනයේ, අදාළ ගොඩනැගිල්ල වෙත මෙම සිසුන් දෙදෙනා ඇතුළු වී තිබුණේ එහි පදිංචිව සිටින තම පන්තියේ මිතුරක් වන පාකිස්තාන ජාතික ඉමාම්ගේ නිවසට යන බව පවසමින්.

61 වැනි මහලේ පදිංචිව සිටි බව කියන ඉමාම්, මෙම දෙදෙනාට එහි ඇතුළුවීමට අවසර දෙන ලෙස දුරකතනයෙන් ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇතැයි සඳහන්.

ඉමාම්ගේ පියා පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරියෙකු බව සඳහන් වනවා.

සිසුවාගෙන් කටඋත්තර ගැනීමට පොලිසියට නොහැකි වී ඇත්තේ තානාපති බලතල දක්වා කිසිවෙකුට එහි ඇතුළුවීමට අවසර ලබා නොදීම හේතුවෙන්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ බව අධිකරණය වෙත දැනුම් දී තිබෙන අතර, අධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ පණත අනුව සොයා බලා කටයුතු කරන ලෙසයි.

සාදයක් ඇති බව කියා සිසුන් දෙදෙනා මෙහි පැමිණ තිබුණද, ඉමාම්ගේ නිවසේ එදින සාදයක් පැවැති බවට තොරතුරු නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙදෙනා පැමිණෙන බව විදෙස් තරුණයා දැන සිටි බව හෙළිව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *