නැගෙනහිර චීනයේ ෂැංඩොං නගරයකට ටොනේඩෝවක බලපෑම් එල්ල වී තිබෙනවා.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රභල කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට සැලකිය යුතු විනාශයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෙක්ටයාර 4,000කට අධික භූමි ප්‍රමාණයක වගාවන්ද මෙමගින් විනාශ වී ඇති බව සඳහන්.
මෙම කුණාටුව හේතුවෙන් නිවාස 2,800කට අධික ප්‍රමාණයකට හානි සිදු වී ඇති බව එරට බළධාරීන් පවසනවා.
