රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.
එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙවැනි දෑ භාවිතයෙ අනාගතයේදී අවාසනාවන්ත මරණ, රෝග සහ ආසාත්මිකතාවයන් වාර්තා විය හැකි බවයි.
එමෙන්ම කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
මේ අතර ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ද ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන සහ විලවුන් පිළිබඳ නියාමනයක් නොමැති වීම හමුවේ ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්වයන් උද්ගත විය හැකි බවයි.
