Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවැනි ලිපියක් ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට ලැබුණහොත් කිසි ලෙසකත් විවෘත කරන්න එපා! ඔබගේ වටිනා තොරතුරු ලීක් විය හැකියි!

11 months ago 7.8 K

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙන්.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ අතර එය 2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව අනාවරණ කරගැනුණේ මෙරට, ප්‍රමුඛ පෙළේ මර්මස්ථාන රැසකට මෙන්ම ඒවායේ ප්‍රධාන නිලධාරීන් රැසකට අදාළ ලිපිය ඒ වන විටත් ඊමේල් මගින් යොමුකර තිබූ බවයි.

මෙහි විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කරගැනීම, සඳහා අනිවාර්යයෙන්ම බාගත කරගත යුතුවීමයි.

එහෙත් එය මුද්‍රණය කිරීමට ද හැකියාවක් පවතින්නේ නැත.

එය බාගත කළ පසු එය යවන ලද පාර්ශ්වයට එහි ඇති මැල්වෙයා, වෛරස් ආරක්ෂණ පද්ධති තුළට ඇතුළු වී අදාළ පරිගණකවල ඇති දත්ත සොරාගත හැකි අතර ඉන්පසුව පරිගණකයේ වේගය අඩාළ වීමද සිදු වන බව සඳහන්.

පොලීසිය පැවසුවේ, දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ ඇතැම් පාර්ශ්වයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ලිපිය යොමුකර ඇති බවයි.

ඒ අනුව, තමන් නොදන්නා පුද්ගලයෙකුගෙන් යම්කිසි ඡායාරූපයක්, ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් හෝ පීඩීඑෆ් පිටුවක් පැමිණියහොත් එය විවෘත නොකරන ලෙස විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *