Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5ක් අද ලෙඩ වෙයි

10 months ago 5.3 K

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට (09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කරනු ලබයි.

විධායක සේවාවල නිලධාරීන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල නිරත රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසකමාසික දීමනාවක් ලබා ගැනීමට හෙට(08දා) සහ අනිද්දා (09දා) සේවයෙන් ඉවත්වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට අධික පිරිසක් සම්බන්ධ වන බවත් මීට සමගාමීව අද (08දා) සහහෙට (09දා) විරෝධතා 26ක් පැවැත්වීමටත් කටයුතු කරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා සඳහන් කළේය.

මේ අනුව වැඩ වර්ජනයේ නිරත ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් අද (08දා) රාජ්‍ය පරිපාල අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් හෙට සියලුම දිස්ත්‍රික් ලේකම්කාර්යාල ඉදිරි පිට විරෝධතා ව්‍යාපර පවත්වන බවද පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *