පුත්තලම, වනාතවිල්ලුව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට වේදිකාවට ගොඩ වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේට බෝතල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (5) රාත්‍රී සිට අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයට ආරාධිතයෙකු ලෙස මන්ත්‍රීවරයා සහභාගි වී තිබෙනවා. අනතුරුව ගීතයක් ගැයීම පිණිස ඔහු වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී මෙම බෝතල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැතත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
