ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට (8) ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා.
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිය සංගමය විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම්දීමක් සිදු කළ බවද ඔවුන් පවසනවා.
