Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විනිසුරුගේ උපදෙසට පයින් ගැසූ වනිදු හසරංගට ලක්ෂ 11ක දඩයක්

10 months ago 3.2 K

කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් පැනවීමට LPL තරඟ කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ මේ වන විට පැවැත්වෙන LPL තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන්.

මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලියට සහභාගීවන සෑම ක්‍රීඩකයෙක්ටම ඒ ඒ කණ්ඩායමවලට අදාළ ඇඳුම් ආයිත්තම් ලබා දී තිබිය දී වනිඳු වෙනත් ලාංඡනයක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීමට පිටියට පැමිණ තිබේ.

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී ඇත.

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් වනිඳුට එරෙහි දඬුවම කැන්ඩි කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *