Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට

සිසුවෙකුට පහර දුන් විදුහල්පති සහ ගුරුවරුන් 05ක් අත්අඩංගුවට

9 months ago 7.6 K

නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ උසස් පෙල අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ එම පාසලේ විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් හයදෙනෙක් (08) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.

2024 වසරේ උසස් පෙල විභාගයට පෙනි සිටිම සදහා අයදුම්පත් ලබා ගැනිමට ඉකුත් (03) දින එම සිසුවා පාසලට ගිය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවි තිබු නිසා විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පහර දි ඇති බවත්, විදුහල්පතිවරයාගේ පහරින් බේරිමට සිසුවා අත ඔසවා සිටි අවස්ථාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපල සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහර දි ඇති බව සදහන් කරමින් සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දෙමව්පියන්ගේ පැමිණිල්ල අනුව එම විදුහලේ විදුහල්පතිවරයා , ගුරුවරුන් පස්දෙනා (08) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් හයදෙනාට සිසුවාට කිසිදු බලපැමක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරිර ඇප 12 ක් මත නිදහස් කර, යළිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කලහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *