Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුහුණ ලේ තැවරුණු පාසල් දැරියකගේ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

10 months ago 7.2 K

නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී  මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගැනීමට හැකිවූ බව නිවිතිගල පොලීසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

දැරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට තිබේ.වෙළඳසැලට පැමිණෙන ලෙස කියා මව දුරකතන ඇමතුමක්ද ලබා දී ඇතැයි පොලීසිය කියයි.

වෙළෙඳසැල වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරිගේ මෘත ශරීරය හමුවී තිබේ.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් දැනට සැකකරුනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ක්ලබ් වසන්තගේ වෙඩි නොවදින සුරවල බල බිඳින්න රන් ආලේපිත උණ්ඩ වලින් වෙඩි තියලා!

ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර යවයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *