Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරටට ඉන්ටර්නෙට් ලබා දෙන ක්‍රමවේදයේ පෙරළිකාර වෙනසක්

2 weeks ago

ඉදිරියේ දී චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට බලාපොරොත්තුවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද (09) දිනයේ පාර්ලිමේන්තුවේ දී විදුලි සංදේශ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වනවා. මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන්නේ වසර 28 පසුව බව ද සඳහන් කළ යුතුයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකතන සමාගම් අතර තරඟකාරීත්වය සාධාරණ තරඟකාරීත්වයක් බවට පත්කිරීම ද මෙහි එක් අරමුණක් වනවා. මීට පෙර විදුලි සංදේශ පද්ධති බල පත්‍රයට පමණක් මෙම පනත සීමා වී තිබුණා. ඒ අනුව සංශෝධන අනුමත කරගැනීමෙන් බලපත්‍ර ලබාදීමේ ක්‍රම වේදය ද වෙනස් වනවා.

ඒ වගේම ඉදිරියේ දී චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වනවා, සමුද්‍ර කේබල් සේවාව සඳහා බලපත්‍ර ලබාදීමට සහ නියාමනය කිරීමට ද අප කටයුතු සූදානම් කරමින් තිබෙනවා. තාක්ෂණ ප්‍රවර්ධන පනත ද මෙම වසර තුළ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

එමෙන්ම තාක්ෂණ හා නවෝත්පාදන කොමිසම පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා. එමඟින් රටේ ඇති සියළුම සංවර්ධන සහ නවෝත්පාදන සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවනවා. පර්යේෂණ වාණිජකරණය කිරීම මෙන්ම උපදෙස් ලබාදීම ද ඒ හරහා සිදු කිරීමට නියමිතයි.”

ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර යවයි

ක්ලබ් වසන්තගේ වෙඩි නොවදින සුරවල බල බිඳින්න රන් ආලේපිත උණ්ඩ වලින් වෙඩි තියලා!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *