ජුලි මාසයේ 10 වැනි දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කල බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් පවසනවා.
ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර තිබෙනවා.
මේ සමගම 995% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජුලි 10 වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජුලි 8-9 දිනයන් හිදි රාජකාරි සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.