එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් පහර දී කඩා දමා තිබෙනවා.
මෙලෙස හානි කර තිබෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිත පුවරුවලටයි.
මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර සභාවේ හිටපු මංත්‍රිනි මායා පාදෙණිය මහත්මියගේ නිවස තුළය.
දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.