ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමට පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී ඊට බාධා කළ සියලු දෙනාටම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නඩු පවරන බව නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
එමෙන්ම අධිකරණයේ මැදිහත්වීම ලබා ගනිමින් ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී වැඩ බාර ගැනීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පවසනවා.
පක්ෂයේ මහලේකම්වරයා ලෙස අධිකරණය තමාව පිළිගෙන ඇති බැවින් තමාට වැඩ භාර ගැනීමට පක්ෂ මූලස්ථානයට යාම සඳහා නිමල් සිරිපාල ද සිල්වාගේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කරන බවත් තමාට බාධා කළ නිමල් සිරිපාලගේ කණ්ඩායමේ සියලු දෙනාම පක්ෂයෙන්ම ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.
