Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබල මන්ත්‍රීන් රැසක් දේශපාලන කරණමක් ගසයි

6 months ago 8.1 K

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

අද (10) පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව පැවසීය.ෙ

එහිදී අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,

“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපක් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා. ඒ අනුව දැනට පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියත් එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පළල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.”

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද චරිත හේරත් මහතා පවසයි.

ඉදිරි සති කිහිපය තුළ විපක්ෂය සමග ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසීය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *