කඩුවෙල අධිකරණය හා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනයට අනුබල දුන් බව කියන ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු එම සැකකරුවන් හත් දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමටද නියමිතයි.
සැකකරුවන්ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය හේතුවෙන් මෙලෙස දැඩි ආරක්ෂාවක් යෙදවූ බවයි පොලීසිය පවසන්නේ.
