ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ ද වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නැගණියගේද තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
ඇය හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පරීක්ෂණ කණ්ඩායම් 10ක් විසින් විමර්ෂන සිදු කරනවා.
