කුලී නිවාස හා නිවාස පනත සංශෝධනය කිරීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව 1972 අංක 7 දරණ නිවාස කුලී පනත අවලංගු කිරීමෙන් අනතුරුව මෙම නව නීතිය හඳුන්වා දීමට නියමිතය.
කුලී නිවැසියන්ගේ සහ නිවාස හිමියන්ගේ අයිතීන් සමානව ආරක්ෂා කිරීමේ අරමුණින් නව පනතක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
