Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෙදර්ලන්තයෙන් ගෙන්වූ පොලිස් නිල සුනඛ මවක් රුපියල් කෝටියක් වටිනා පැටවුන් හත් දෙනෙකු බිහි කරයි

6 months ago 3.5 K

පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයින් අතර සිටි ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතෙකු මහනුවර නිල සුනඛ මූලස්ථානයේ දී පැටවුන් හත් දෙනෙකු බිහිකර තිබෙනවා.

මෙම ස්පෑනියෙල් වර්ගයේ පැටවුන් හත් දෙනා ගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහන් කර සිටියේ.

එමෙන්ම තවත් එක් ගැහුණු සත්ත්වයෙකු පැටවුන් බිහි කිරීමට ආසන්න තත්ත්වයේ පසුවන බවත් මෙම සියලුම සතුන් මාසයක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකර ඇති බවත් මෙම සුනඛයන් භාරව සිටින නිලධාරියකු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතා පවසා සිටියේ පැටවුන් හත්දෙනා සහ මව පශු වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේ පසුවන බවත් නිරෝධායන කාල සීමාව නිමාවන තුරු එම සත්ත්වයින් ආසන්නයට යාමට අවසර ලබා නොදෙන බවයි.

නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සුනඛයින් 35 දෙනා මාස 08-12 වයසේ පසුවන අතර මාසයක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසු ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ හා මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ පුහුණුවකට යොමුකර රාජකාරි කටයුතු වල යෙදවීමට නියමිත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *