ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්” සකස් කිරීම පිණිස ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(02), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරික්ෂණය වී ඇතැයි රජයේ මතය බව අදාළ යෝජනාවේ සඳහන්.
ඒ පිළිබඳ වන සැකය මඟ හරවා ගැනීම සහ කවර හෝ අනනුකූලතාවයක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචනය වෙුනවෙන් “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචනය ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
