Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට ?

10 months ago 5.4 K

රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී යළිත් වරක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව රේගු නිෂ්කාශන නියෝජිතයින් පවසනවා.

ඒ රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන්.

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එක් ආයතනයකට බලය පැවරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති පසුගිය සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

පසුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවැති සාකච්චාවකදී පැමිණි එකඟතාවකට අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට රේගු වෘත්තිය සමිති සන්ධානය පියවර ගත්තා.

කෙසේ වුවත් අද වනවිටත් රේගුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බවටයි කන්ටේනර් රථ රියදුරන් ඇතුළු සේවකයින් පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *