කොළඹ අවිස්සාවේල්ල ලෝ -ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි නවගමුව පොලීසිය පවසයි.
බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලීසිය පැවසීය.
මේ හේතුවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලීසිය කටයුතු කර තිබුණි.
