වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරවරයා විසින් ලිපි නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.
දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කාර්යාල සේවා දුම්රිය අද පස්වරුවේත් සීමිත සංඛ්‍යාවක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දුර ගමන් සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
