හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.
අනතුරීන් වාහනයෙ මන්ත්‍රිවරයාට හෝ එම වාහනයෙ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් යතුරු පැදි කරුට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
