Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නිවසට පැන්න සොරා කොටු වෙයි

11 months ago 3 K

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම – කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර තිබුණා.

එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල් 10,000ක් සොරාගෙන තිබෙනවා.

පසුව කොට්ටාව පොලීසිය විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන තිබුණා.

ඒ අනුව, එම සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මෙම සැකකරු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙළෙඳසැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවයි.

සැකකරු තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ, සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *