Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක්

10 months ago 1.3 K

අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්  
LTL සමූහ ව්‍යාපාරය විසින් මෙම විදුලි බල පද්ධතිය  ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසනවා.

තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවද කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *