Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිසයිලයක කොටසක් හිසට වැදී ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

10 months ago 1.6 K

උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති බවයි.

තුවාල ලැබූ එම ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකර ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසීය.

අදාළ ප්‍රහාරයන් සිදුවන අවස්ථාවේ සයිරන් නලා නාද වුවද ඔවුන්ගේ ආරක්ෂිත කාමරය වෙත දිව යන අතරතුර එම අනතුර සිදුව තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *