Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාව මත බදු බර පැටවීමකින් තොරව රජයේ සේවකයින්ගේ වැටුප රු30,000කින් ඉහළ දැමිය හැකි බවට අනාවරණයක්

7 months ago 11.8 K

පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජනරජ පෙරමුණේ මැද කොළඹ, ගුණසිංහපුර, ඩයස් පෙදෙස පැවැති ජන හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

“පහුගිය මාස පහට විතරක් විදුලිබල මණ්ඩලයේ වැඩිපුර රු. 15,000 ක් මේ රටේ හැම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම අරන් තියෙන්නේ. අපි මණ්ඩලයට පහළොස්දාහක් ණය වුණා නම් කොහොමද? සීයට පහළවේ පොලියක් එක්කහු කරලා, කපලා, දෙන්න තව අමතර එකකුත් දාලා නේද? හැබැයි අපෙන් පහළොස් දාහක්, මේ මාස පහේ මැයි මාසේ වෙනකොට අරන් තියෙනවා. එතකොට මේ අසාධාරණ, අයුක්තිසහගත විදුලි බිල නිසා ලක්ෂ දහයකගේ ලයිට් කැපුවා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ දැන් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ කපලා තියෙනවා.

ගිය අවුරුද්දේ වැට් බදු සහනයක් දුන්නා රටේ ධන කුවේරයින්ට කොච්චරද කියනවා නම් රාජ්‍ය සේවකයෝ දාහතර ලක්ෂෙකට මාසෙකට රු.30,000 ක් පඩි වැඩි කරන්න පුළුවන් තරම් සහනයක් දුන්නා. අත්පිට මුදලට මිසක් අරක්කු විකුණන්න පුළුවන්ද ලංකාවේ කොහෙවත්? බෑ. හැබැයි අරක්කු මුදලාලිලා දෙන්නෙක් කෝටි 700 ක් පොලු තියලා තියෙනවා අවුරුදු පහක් තිස්සේ. කිසිම විදිහකට අයකරගන්න උත්සාහයක්වත් නෑ.”

රාජ්‍ය සේවයේ වැඩ වර්ජන සියල්ල නතර කිරීමට මාලිමාවෙන් තීරණයක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *